
නිදහස සහ සත්‍යය – 1
Posted in Uncategorized | ටැග:Double standards, Freedom, Truth
“Come or go Chicago” සේවාස්ථ පුහුණුව
පහුගිය කාලයේ කන්කුණා ජාලවංශය පෝෂණය නොකලේ ඔහුගේ ඉගෙනීමේ වැඩ නිසා මිස සුදු වෑන් උවදුරක් නිසා නොවෙන බව කියලා ම පටන් ගන්නම්.
කන්කුණා මේ කතාකරන්න යන සේවාස්ථ පුහුණුව ඔහුගේ රැකියාව සම්බන්ධ එකක් නම් නොවෙයි. ඒ පුහුණුවට පෙර නම් වසර ගණනාවක් ඔහුට කල නොකල යුතු දේ ගැන කියා දී තිබෙනවා. මේ කියන්නේ ලෝකාන්තයෙන් පැනලා මගදී පියාඹන්න ඉගෙනගන්නවා වගේ පුහුණුවක්.
ඒ තමයි පියෙකු ලෙස ඔහු ලබන පුහුණුව.
කන්කුණාට හිතෙන්නේ ලෝකේ තියෙන භාරදූර ම රැකියාව කරන්නේ දෙමව්පියන් කියලා. තමන් හැර වෙන හව්හරණක් නැති මනුෂ්‍ය ප්‍රාණියෙක්, මැටි පිඬක් වගේ එක එක විදියට හැඩ ගසන්න පුලුවන් චරිතයක්, ඔවුන්ට බාර දෙනවා. ඉන් පස්සේ ලෝකෙට වැඩක් ඇති, ස්වාධීන පුද්ගලයෙක් එයින් නිර්මාණය කර දෙන වගකීම ඔවුන්ටයි. වැඩේ වැරදුනොත් බැනුම් අහන්නත් වෙනවා-විශේෂයෙන් මව්වරුන්ට.
Posted in Uncategorized | ටැග:Child development, parenting, Policy planning
Life Support Needed!
(Kankuna switched to English simply because he did not have access to Sinhala fonts. I apologise.)
Although Kankuna maintains a healthy interest in politics, in this particular election he was not vocal in support to either candidate. That was because he believed that both of them were patriots, driven apart by the opportunistic and scheming elements surrounding them. Because he believed both of them to be strong individuals, having the ability to suppress the influences of the ‘supporters’ with ulterior motives. Because he believed that both of them had the best interests of the country in their minds (of course in addition to the personal interests) and the disagreement to be merely in the modus operandi.
So, although Kankuna DID have his personal preference, he did not lose any sleep over the issue of the winning candidate. As long as a patriot is in the office, it did not really matter to Kankuna from which party he came from. There is no law that all patriots, or ‘hero’s, have to share the same view point.
Well, he was quite unkindly dragged out of his utopia. Read More…
උන්න හැටියට මළා මදැයි ! / ?
(මේ ලිපිය ලියාගෙන යන විට, කන්කුණා ගේ ජාලවංශයෙන් උපුටාගත් කොටසක් මේ ඉරිදා ලක්බිම පුවත්පතේ පළව ඇති බව සහෘදයෙකුගෙන් පණිවිඩයක් ලැබුණි. දෙසැම්බර් 26 වැනිදා “බ්ලොග්” කෙරුවාව ඇරඹු ළදරු කන්කුණාට මෙනිසා මහත් සතුටක් මෙන්ම සියුම් ලැජ්ජාවක් ද දැනේ. ඒ සිංහල ජාලවංශ අතර ඔහු කදෝකිමියෙකු බව දන්නා නිසාය. කෙසේ වුවද, ලක්බිම පුවත් පතටද, කනුකුනු ගාන කන්කුණා ලොවට ඇසෙන්නට සැලැස්වූ බ්ලොග්කරුවන්ගේ සංසදයටද ඔහු ස්තුතිය පිරිනමයි.)
කන්කුණාගේ රැකියාව අනුව ඔහුට ජිවිතයේ අනිත්‍ය බව නිතොරවම පසක් වේ. මරණය යනු අප ජීවන චක්‍රයේ කොටසක් බවත්, එයින් මිදීමට නොහැකි බව අවබෝධ කර ගැනීම ජීවිතය ජය ගැනීමේ එක් පියවරක් බවත් ඔහුට ඉගැන්වූ බුදු දහම ගැන එවිට ඔහු තුල ඇතිවෙන්නේ මහත් ගෞරවයකි.
මිනිසෙකුට සිදුවිය හැකි මහා ම උපද්‍රවය මරණය නොවන බව ද ඔහුට ඉඳහිට පසක් වේ. පසුගිය සතියේ එවන් අවස්ථාවක් උදාවිය. ඔහුට හමුවූයේ සම්පූර්ණ ශරීරයම අකර්මණ්‍ය වූ පන්සාළිස් වියැති කාන්තාවකි. ගෙලෙහි ඇති බටයෙන් හුස්ම ගන්නා ඇයට ආහාර ලබා දෙනුයේ උදරයෙහි ඇති බටයෙනි. මේ (නො )මළ සිරුර තුල යම් පුද්ගලයෙකු සිටීදැයි සැකයක් ඇතිවන්නේ දෙඇසෙහි ඇති බැල්ම නිසාවෙන් පමණි. මෙකී ශෝචනීය ඉරණමට ගොදුරුව සිටින ඇය වටා තබා ඇති භෝජන සංග්‍රහයක ඡායාරූප කිහිපයකි. සිනාවෙන් පිරුණු ඇගේ මුහුණ දැක්වෙන ඒවා ගනු ලැබ ඇත්තේ ඇය මේ ඉරණමට ගොදුරු වීමට විනාඩි කිහිපයකට පෙර ය.
ඇයට සිය දිවිය පිලිබඳ තීරණයක් ගත හැකි නම් කුමක් තෝරා ගනු ඇති ද? ඇගේ ඥාතීන් හට ඇය මෙසේ සිටිද්දී කුමක් සිතෙනු ඇතිද? ඇයට කිසිදු සම්බන්ධයක් නැති, නමුත් රෝහල් ඇඳක් බලාපොරොත්තුවෙන් සිටින වෙනත් අයෙකුගේ හැඟීම් නොසලකා හල හැකිද?
මෙය බහුකෝටික ප්‍රශ්ණයකි.
යමෙකුගේ ජීවිතය පිලිබඳ වගකීම අයත්වනුයේ ඔහුටද? මව්පිය අඹු දරුවන්ට ද? ඔහු රැක බලාගන්නා වෛද්‍යවරුන්ට ද? නැතහොත් සමාජයට හා රජයට ද?
Read More…
Posted in Health | ටැග:Death, mercy killing, patient's rights, society's jjurisdiction over the patient
හිම මහිම
මෙහෙට හිම වැටෙනවා.
කන්කුණා මුලින්ම හිම දැක්කේ ගිය අවුරුද්දේ. ඔහු බ්‍රිතාන්‍යයට ගොඩ බැහැපු අළුත. එදා හිම නිසා දවස් දෙකක් ලන්ඩන් නගරයේ ගමනාගමනය නැවතිලාත් තිබුනා. එතකොට කිව්වේ අවුරුදු 30 කින් මෙහෙට ආපු දරුණු ම සිසිර ඍතුව කියලා. හැබැයි මේ පාරත් එහෙම ම කියනවා.
පස්යොදුන් කෝරලයේ (පස්දුන් නොකිව්වේ හිතලාමයි ) ඉපදී හැදී වැඩුණු කන්කුණාට හිම දකින්න ලැබීම ලොකු දෙයක් වුණා. ඔහු පාසල් වියට එලඹිමටත් පෙර, උදේ නැගිටලා හීතලේ එලියට බැහැලා මකුළුදැල් වල බැඳුනු පිණිකැට දිලිසෙන අපූරුව ආසාවෙන් බලා සිටි හැටිත්, ඒවාට ඉඳිආප්ප කියා සෙල්ලමක් හදාගත් හැටි ඔහුට සිහිවුණා. පාසල් නිවාඩුවේදී දෙමාපියන් සමඟ දුම් රියෙන් බදුලු ගිහින්, කටින් දුම් පිටවීම ගැන පුදුම වෙමින්, වෙවුල වෙවුලා මුතියංගනේ විශ්‍රාම ශාලාවේ නිදාගත් හැටිත් ඔහුට මතක් වුණා. ඒ වගේම සරසවියේ ඉඳිද්දී, හෝටන් තැන්නේ ගොසින් මිතුරන් එක්ක රැය ගතකළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලැගුම්හලේ තිබුණු අතිශය සීතල වතුර නිසා, සිරුරුකිසට පසුව මුහුණ දෙන්න වුණු අකරතැබ්බයත් ඔහුට සිහිවුණා. ඒ එක තැනකවත් හිම නොතිබුණත්, සියල්ල එකතුකළ විට හිම හැදෙන බවයි කන්කුණාගේ මනස ඔහුට කියා තිබුණේ. එහි යම් සත්‍යයක් තිබුණත්, ඔහු සූදානම් ව නොසිටි දෙයකුත් හිමත් සමඟ එනවා. ඒ තමයි “හිම හැඟීම”
Posted in Uncategorized
අවුරුද්දට ලෙඩුන්ට නිවාඩු නැද්ද?
එපස්වා, මෙපස්වා, දහස් කල් රකිත්වා….
අදින් තවත් වසරක් උදා වේ. කන්කුණා ගේ සෙක්කුව වටා යන ගමනෙහි තවත් එක් දැවැන්ත පියවරක් ලෙස ඔහු මෙම වසර දකියි.
සෙක්කුවක් වටා යෑම යනු එක් ලක්ෂ්‍යයක් වටා යන වෘත්තාකාර ගමනක් නිසා එයින් ප්‍රගතියක් නොවේ යැයි කෙනෙකුට තර්ක කළ හැකිය. නමුත් කන්කුණා එයට එකඟ නොවේ. වලයාකාරව ගන් කරද්දී හෝ, තමන් සිටි මට්ටමෙන් ඉහළට හෝ පහළට යෑමේ හැකියාව තිබේ.
කන්කුණාගේ නව අවුරුදු අධිෂ්ඨානය වන්නේ ඔහුගේ සෙක්කු මට්ටමින් පහළට නොවැටීමය.
ඔබ සියලු දෙනා හට, සහ මගේ රටට, සුබ නව වසරක් වේවා යයි කන්කුණා පතයි.
Posted in Uncategorized
කනේ ගෝනා ගියාද?
කන්කුණා ට අද කණක් ගැන කතා කරන්නට සිතිනි.
මෙයට හේතු වූයේ සති කිහිපයකට පෙර කන්කුණාගේ ඥාතිවරියක කළ පැමිණිල්ලකි. ඇය පැවසුවේ හදිසියේම ඇයගේ එක් කණක් තුල තද සුලඟක් හැමීමට පටන් ගත් බවය.විමතියට පත් වූ කන්කුණා ඇයගේ කණ පරීක්ෂා කළ විට දකින්නට ලැබුනේ කන් බෙරය මත කඩිනමින් ඔබ මොබ යන කූඹියෙකි!
මිනිස් කණක් තුලට රිංගා ගත් පළමු කෘමියා ඒ කූඹියා නොවේ. වෛද්‍ය විද්‍යාව පිලිබඳ දැනට සොයාගෙන ඇති පළමු ලියවිල්ල වන ‘එබර්ස් පැපිරස්’ හි පවා කණ් වලට රිංගා ගත් කෘමීන් පිළිබඳව සඳහන් ව තිබේ. සැකකරුවන් හට වධ දීම සඳහා ද කන් තුලට කඩි හෝ නයිකූඹි ඇතුල් කර තිබේ. ඒ ‘ධර්මචක්‍රය’ සොයා ගැනීමට පෙරාතුව ය.
කන් වලට රිංගන්නේ කූඹින් පමණක් ද නොවේ. කන්කුණා ට කන් තුලදී හමු වී ඇති සතුන් අතර, මීමැස්සන්, කැරපොත්තන්, රෙදි කාවන්, මෙරුන්, කූඩැල්ලන්, කිනිතුල්ලන් සහ බලු මැක්කන් ද වූහ. එමෙන්ම කන්කුණාගේ මිත්තණිය තම ඇණවීම් නොතකන කුඩාවුන් හට ‘උඹේ කණේ ගෝනා ගිහිල්ලා ද?’ යැයි බැණ වැදීමට පුරුදුව සිටි හෙයින්, ගෝනුන් මුවන් වැනි සතුන් පවා කන් වල රිංගන බව ඔහු තරයේ විශ්වාස කරයි. Read More…
ගිය හකුර සහ පූජා කරන්න හදන හකුර….
අද දෙසැම්බර් 26 වැනිදා. මීට වසර 5 කට පළමුව අද වගේ දවසක අපේ රටට සුනාමියක් කඩා වැදුනා. රටේ මුහුදුබඩ පළාත් වලට සිදුවුණ ව්‍යසනය අති මහත්. දේපළ හානිය මුදලින් තක්සේරු කළ හැකි වුනත්, ජීවිත වලට, පවුල් වලට, අපේ ජීවන රටාවට සිදු වුණ හානිය තක්සේරු කරන්නේ කොහොමද?
සුනාමියෙන් මතු වුණු පෞද්ගලික ඛේදවාචක අනන්තයි, අප්‍රමාණයි. කන්කුණා සෞඛ්‍ය සේවයේ නිසා නොයෙක් විදියේ දුක්මුසු කතා අහන්න දකින්න ලැබුනා. සුනාමියෙන් දිවි ගලවාගත් කීයෙන් කී දෙනාද ඒ ගැන සතුටු වුණේ? බොහෝ දෙනෙක් හිතුවේ අනේ අපිත් මැරුණා නම් මීට වඩා හොඳයි කියලා තමයි. නමුත් අපේ සංස්කෘතියේ බැඳිලා තියෙන අනිත්‍යය කියන සංකල්පය නිසාද කොහෙද ඒ අයගෙන් අති මහත් බහුතරයට අද යලිත් ප්‍රකෘති තත්වයට පත් වෙන්න හැකි වෙලා තියෙනවා.
නමුත් මම කියන්න සූදානම් වුනේ රටක් හැටියට අපිට කොහොමද සුනාමිය බලපෑවේ කියලා. දේපළ හානි වුනා. අපනයන ඇනහිටියා. අති විශාල සුබසාධන වැඩ පිළිවෙලක් නඩත්තු කරන්න සිදු වුනා. ඒ ඔක්කොම ඇත්ත. නමුත් ඒ එක්කම රටට ගොඩ එන්න හොඳ අවස්ථාවකුත් ලැබුනා. උදාහරණ කිහිපයක් ගනිමු. රටට ආධාර විදියට විදේශ විනිමය ගලා එන්න පටන් ගත්තා. වෙරළ අසල, මාර්ග අසල, ඉවත් කළ යුතුව තිබූ ඉදි කිරීම් කැඩී බිඳී ගියා. වෙරළ රක්ෂිතයක් ඇතිකරන්න, මාර්ග පුළුල් කරන්න, දේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රය දියුණු කරන්න අවස්ථාව ලැබුණා. ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයට මිනිසුන් යොමුකරන්න හැකියාවක් ඇති වුණා. LTTE සංවිධානයේ යුද ශක්තිය බරපතල ලෙස විනාශ වෙලා සුළු ප්‍රයත්නයකින් ඔවුන්ව පැරදවිමට අවස්ථාවක් නිර්මාණය වුනා. බදු රහිතව යුරෝපයට භාණ්ඩ අපනයනයට අවස්ථාව ලැබුණා. මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගති මැඬගෙන බෝසත් ගුණ ඉස්මතු වුණා. රටක් දියුණු කිරීමට මේක නියම වෙලාවක් නේද?
දැන් අවුරුදු 5ක් ගතවෙලා ඉවරයි. අපි මේ ලැබුණු අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගත්තා කියලා ඔබ හිතනවාද?
Posted in Uncategorized | ටැග:development, election, sri lanka, tsunami
Aayubowan! ආයුබෝවන්
Kankuna is from Sri Lanka. He is relocated temporarily in UK till he learns a bit more about ears. He thought of blogging as sometimes he gets pretty lonely. He thinks of talking about ears and other human accessories, as well as other topics as the time permits.
කන්කුණා වඩාත් කැමති හෙළ බසින් ලිවීමට ය. නමුත් යතුරු ලියනයෙහි ඇති අපහසුව නිසා එයට බොහෝ කාලය වැයවේ. කන්කුණා කම්මැලියෙකු ද වන නිසා, බොහෝ දෑ ඉන්ගිරිසියෙන් ම ලියැවෙතැයි ඔහු සිතයි.
Posted in Uncategorized





