කලා කෑලි

කන්කුණාට හදිසියේ ඔහු සරසවි සිසුවකුව සිටිද්දී ලියන ලද කවියක් මතක් විය.

නිර්මාණ කේන්ද්‍රය ලෙස හැඳින් වූ බිත්ති පුවත්පතකට ද ලබා දුන් මේ කවියට ඔහු තවමත් බොහෝ කැමැත්තක් දක්වන හෙයින්, සුළු අලුත්වැඩියාවකින් පසුව ඔහුගේ ජාලවංශයෙහි (weblog :D)රඳවන්නට සිතුනි.

එකල කන්කුණා බොහෝ කවි ලිව්වද, කුමක් හෝ අහේතුවකට දැන් ඔහුට අදහස් හෝ වචන ගලා එන්නේ නැත. වසර ගනනාවක් කර්කශ ජීවන රටාවකට හුරු වී තිබීම එයට හේතුවක් දෝහෝයි ඔහුට සිතෙයි. කෙසේ වෙතත්, නව කවි ලබා දීමට ඔහුට ඇති හැකියාව අල්ප බව නම් කිව යුතුමය.

සූරිය – කාන්තා

ම’හිමි හිරු කුමරුනට

අවර’ත යනු වැ සමු දී

මුකුලිත වැ නිඳනට නිමේෂයකට පෙර,

පෙර ගිර’ග අරා හුන්

නුඹ දුටිමි.

නැත කිතු යසස් රැස් මාලා හිරු සදිසි

නැත ඔද තෙද කරවන රුපුන් අතවැසි

එද මිහි මඬල නිති සනසන සිසිලසිනි

සොමි සඳ, නුඹ දුටුව සඳ මා හද සැලුනි.

තරු රැස පිරිවරා, පොබ කර රැසින දස දෙස

නුබ කුස අරා නුඹ ඔබ මොබ යන විලස

බලන නෙතෙහි නුඹ නෙතු පැටලුනු විගස

යටිකුරු කළෙමි ම’වුවන, නොකරනු කෙලෙස?

දනිමි.

නොපෑහෙන වග අප.

හෙටත් පායන දිනිඳු,

සිනාවෙන් පිලිගත යුතු වෙමි.

අවනත වැ සිටි’යුතු වෙමි.

නමුදු,

ඔහු අවර ගිය කල

එනතුරු නුඹ ගුවන් තල

මිලින නොම වී මම

හෙටත් හොරැහින් මැ මඟ බලමි.

මන්ද,

මම නුඹට පෙම් කරමි.

(පින්තූරය ලබා ගත්තේ www. dimassimo.nl වෙතිනි. ස්තුතියි.)

Advertisements

Responses

  1. Excellent…….. please post more poems of yours here. I can understand that once you are out of uni and in the workforce, you hardly get the time to sit and arrange a train of thoughts in the form of a poem.

    This shows your knowledge of sinhala language and the artistic use of it. I wish that once again poems will start to come out of your pen. Until then, i like to see more of your old poems….


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: