Posted by: kankuna | ජනවාරි 7, 2010

හිම මහිම

Science and magic of snow

මෙහෙට හිම වැටෙනවා.

කන්කුණා මුලින්ම හිම දැක්කේ ගිය අවුරුද්දේ. ඔහු බ්‍රිතාන්‍යයට ගොඩ බැහැපු අළුත. එදා හිම නිසා දවස් දෙකක් ලන්ඩන් නගරයේ ගමනාගමනය නැවතිලාත් තිබුනා. එතකොට කිව්වේ අවුරුදු 30 කින් මෙහෙට ආපු දරුණු ම සිසිර ඍතුව කියලා. හැබැයි මේ පාරත් එහෙම ම කියනවා.

පස්යොදුන් කෝරලයේ (පස්දුන් නොකිව්වේ හිතලාමයි ) ඉපදී හැදී වැඩුණු කන්කුණාට හිම දකින්න ලැබීම ලොකු දෙයක් වුණා. ඔහු පාසල් වියට එලඹිමටත් පෙර, උදේ නැගිටලා හීතලේ එලියට බැහැලා මකුළුදැල් වල බැඳුනු පිණිකැට දිලිසෙන අපූරුව ආසාවෙන් බලා සිටි හැටිත්, ඒවාට ඉඳිආප්ප කියා සෙල්ලමක් හදාගත් හැටි ඔහුට සිහිවුණා. පාසල් නිවාඩුවේදී දෙමාපියන් සමඟ දුම් රියෙන් බදුලු ගිහින්, කටින් දුම් පිටවීම ගැන පුදුම වෙමින්, වෙවුල වෙවුලා මුතියංගනේ විශ්‍රාම ශාලාවේ නිදාගත් හැටිත් ඔහුට මතක් වුණා. ඒ වගේම සරසවියේ ඉඳිද්දී, හෝටන් තැන්නේ ගොසින් මිතුරන් එක්ක රැය ගතකළ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලැගුම්හලේ තිබුණු අතිශය සීතල වතුර නිසා, සිරුරුකිසට පසුව මුහුණ දෙන්න වුණු අකරතැබ්බයත් ඔහුට සිහිවුණා. ඒ එක තැනකවත් හිම නොතිබුණත්, සියල්ල එකතුකළ විට හිම හැදෙන බවයි කන්කුණාගේ මනස ඔහුට කියා තිබුණේ. එහි යම් සත්‍යයක් තිබුණත්, ඔහු සූදානම් ව නොසිටි දෙයකුත් හිමත් සමඟ එනවා. ඒ තමයි “හිම හැඟීම”

හිමෙන් වැහිලා ගිය, වාහන හඬින් පීඩාකාරී නොවූ පරිසරය දකිනකොට කන්කුණාට දැනෙන්නේ හරිම ශාන්ත බවක්.

පුංචි ම කාලේ පන්සල් යද්දී හඳ එළියට වටපිට බබලනකොටත් ඔහුට දැනුනේ මේ හැඟීමමයි කියලා ඔහුට මතකයි. ඉස්කෝලේ යන කාලේ සේකරගේ පොතක කියවපු කවියක කොටසක් එතකොට ඔහුට සිහි වෙනවා. (පොත ලඟ නැති නිසා වචන වැරදි ඇති )

“වෙසක් පහන් වලින් ගලන සවනක් ගණ රැසින් වැසී

පොළොව බෙදූ තාප්ප හා කටු කම්බිද

මොහොතින් දියවී ගොසින් ය.

සුඛෝ බුද්ධානං උප්පාදෝ

අවස්ථා සම්බන්ධය නිවැරදි නොවුනත්, කන්කුණා ගේ හිම හැඟීමත් මේකම තමයි.

ඔහු ලියපු දේ ආපහු කියවලා බලන කන්කුණාට තේරෙනවා අපි වැඩිහිටියන් හැටියට අද යමක් දකින්නේ කුඩා කාලයේ මතකයක හෝ ඉගෙනගත් යමක දිගුවක් හැටියට මිසක් අළුත් ම දෙයක් විදිහට නොවේ කියලා. නවමු බවකින් ලෝකය දිහා බලන්න, මිදුනු වතුර ලෙස නොව ‘හිම’ වශයෙන්ම හිම දකින්න, එහි මායාකාරී ගතිය අත් විඳින්න තියෙන හැකියාව වයසත් එක්ක නැති වෙලා යන බවට හිම ගොඩවල් වල සෙල්ලම් කරන ළමයිනුත්, ඔවුන් දෙස බලා සිටීමෙන් පමණක් සෑහෙන කන්කුණාත් සාක්කියි.

අපි “තමන් දන්න දේ” ගැන කල්පනා නොකර “නොදන්න දේ” ගැන විතරක් හිතන්න ක්‍රමයක් තියෙනවා නම් ලෝකය කොතරම් අරුම පුදුම තැනක් විදියට පෙනෙයි ද?

Advertisements

Responses

  1. මෙහෙත් හිම නම් වැටෙනවා කංකුනෝ.. ඒවුනාට මට ඔහොම සිතිවිලි පහල වෙන්නේ නෑනේ.. මට පිස්සු නිසා වෙන්න ඇති..

  2. මටත් හිම කාලේට නිකම් ශාන්ත හා ලෝකයම එකක් වුණා වගේ හැඟිමක් දැනෙනවා, ඒත් ඔය වගේ කවි සිතිවිල්ලක් මතු වෙලා නම් නෑ නෙව!

    ලන්ඩන් හරිද ඉන්නේ? ආරංචියි එහේ පාර්ලිමේත්තු චතුරංශ්‍රය හරියේ දැඩි හිම වැටීමක් ඇති වෙලා ගුවන්, දුම්රි හා බස් ගමන් වාරයන් වලක්වලා පාසැල් හා කාර්්‍යාලත් වැහුවාලු නේද? දුර්වල ලෙස මේවාට ලෑස්ති වීම ගැන විමර්ශණ කරලාත් තිබ්බා.

    • ස්තුතියි බිංකු. හැබැයි කවිය මගේ නෙවි, මහගම සේකරයන්ගේ!

      මම ලන්ඩන් වලට නුදුරු පලාතක තමයි ඉන්නෙ. මුළු රටේම ඔය කියන දේවල් සිද්ද වුණා. මෙහේ ප්‍රධාන ප්‍රශ්ණය තියෙන්නේ ස්වෙච්ඡාවෙන් වැඩ කරන්න මිනිසුන් ඉදිරිපත් නොවීම. අවුරුදු ගනනාවකට වරක් ඇතිවෙන අවස්ථාවකට මුහුණ දෙන්න තරම් ශ්‍රම බලකායක් ආයතනයකට තියාගන්න බැහැනේ. ඒ වගේ වෙලාවට සාමාන්‍ය මිනිස්සු එලියට බහින්න ඕනෙ. ලංකාවේ ගංවතුර වෙලාවට වගේ. එහෙම නැතිවුණාම මෙහෙම වෙන එක ස්වභාවිකයි.

  3. ඔය දරුණුම කතන්දරේ මෙයාලතමන්ගෙ හිත සනසාගන්න කියන එකක් කියලයි මම නම්.හිතන්නෙ….ඒකරලා තව ඒකට එකතු කරන.එවා තමා ඉවසගෙන ඉන්න බැරි..අපි ආපු..නිසාලුනේ මේතරම්ම..මේ ශීතඍතුව දරුණු උනේ ‘ගොඩයට මැජික්’වගේ කාලේ ඕවට බය උනාට දැන්නම්..නැහැ..
    මට නම්.මතක් වෙන්නෙම…අන්දරේ සිනි කාපු හැටි..අන්දරේමෙහෙ හිටියනම්…කියලමයි.මට හිතෙන්නේ..!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: