Posted by: kankuna | ජනවාරි 19, 2010

උන්න හැටියට මළා මදැයි ! / ?

(මේ ලිපිය ලියාගෙන යන විට, කන්කුණා ගේ ජාලවංශයෙන් උපුටාගත් කොටසක් මේ ඉරිදා ලක්බිම පුවත්පතේ පළව ඇති බව සහෘදයෙකුගෙන් පණිවිඩයක් ලැබුණි. දෙසැම්බර් 26 වැනිදා “බ්ලොග්” කෙරුවාව ඇරඹු ළදරු කන්කුණාට මෙනිසා මහත් සතුටක් මෙන්ම සියුම් ලැජ්ජාවක් ද දැනේ. ඒ සිංහල ජාලවංශ අතර ඔහු කදෝකිමියෙකු බව දන්නා නිසාය. කෙසේ වුවද, ලක්බිම පුවත් පතටද, කනුකුනු ගාන කන්කුණා ලොවට ඇසෙන්නට සැලැස්වූ බ්ලොග්කරුවන්ගේ සංසදයටද ඔහු ස්තුතිය පිරිනමයි.)

කන්කුණාගේ රැකියාව අනුව ඔහුට ජිවිතයේ අනිත්‍ය බව නිතොරවම පසක් වේ. මරණය යනු අප ජීවන චක්‍රයේ කොටසක් බවත්, එයින් මිදීමට නොහැකි බව අවබෝධ කර ගැනීම ජීවිතය ජය ගැනීමේ එක් පියවරක් බවත් ඔහුට ඉගැන්වූ බුදු දහම ගැන එවිට ඔහු තුල ඇතිවෙන්නේ මහත් ගෞරවයකි.

මිනිසෙකුට සිදුවිය හැකි මහා ම උපද්‍රවය මරණය නොවන බව ද ඔහුට ඉඳහිට පසක් වේ. පසුගිය සතියේ එවන් අවස්ථාවක් උදාවිය. ඔහුට හමුවූයේ සම්පූර්ණ ශරීරයම අකර්මණ්‍ය වූ පන්සාළිස් වියැති කාන්තාවකි. ගෙලෙහි ඇති බටයෙන් හුස්ම ගන්නා ඇයට ආහාර ලබා දෙනුයේ උදරයෙහි ඇති බටයෙනි. මේ (නො )මළ සිරුර තුල යම් පුද්ගලයෙකු සිටීදැයි සැකයක් ඇතිවන්නේ දෙඇසෙහි ඇති බැල්ම නිසාවෙන් පමණි. මෙකී ශෝචනීය ඉරණමට ගොදුරුව සිටින ඇය වටා තබා ඇති භෝජන සංග්‍රහයක ඡායාරූප කිහිපයකි. සිනාවෙන් පිරුණු ඇගේ මුහුණ දැක්වෙන ඒවා ගනු ලැබ ඇත්තේ ඇය මේ ඉරණමට ගොදුරු වීමට විනාඩි කිහිපයකට පෙර ය.

ඇයට සිය දිවිය පිලිබඳ තීරණයක් ගත හැකි නම් කුමක් තෝරා ගනු ඇති ද? ඇගේ ඥාතීන් හට ඇය මෙසේ සිටිද්දී කුමක් සිතෙනු ඇතිද? ඇයට කිසිදු සම්බන්ධයක් නැති, නමුත් රෝහල් ඇඳක් බලාපොරොත්තුවෙන් සිටින වෙනත් අයෙකුගේ හැඟීම් නොසලකා හල හැකිද?

මෙය බහුකෝටික ප්‍රශ්ණයකි.

යමෙකුගේ ජීවිතය පිලිබඳ වගකීම අයත්වනුයේ ඔහුටද? මව්පිය අඹු දරුවන්ට ද? ඔහු රැක බලාගන්නා වෛද්‍යවරුන්ට ද? නැතහොත් සමාජයට හා රජයට ද?

කන්කුණා ට වැටහෙන ආකාරයට, මිනිසා සාමාජීය සත්වයෙකු වීමේ හේතුව නිසාවෙන්, මේ සියලු පාර්ශ්ව වෙත යම් අයිතියක් මෙන්ම වගකීමක් ද පැවරේ. මනුෂ්‍ය ස්වභාවය අනුව, තීරණයක් ගත යුතු අවස්ථාවන්හිදී මේ කොටස් අතර ගැටීමක් ඇතිවිය යුතු ම ය.

ලංකාවේදී රෝගියෙකු බෙහෙත් ගැනීමට යන්නේ වෛද්‍යවරයා පිලිබඳ ලොකු විශ්වාසයක් තබා ය. (මේ විශ්වාසය අපයෝජනය කරන වෛද්‍යවරුන් ද නැත්තේ නොවේ) රෝග නිවාරණය පිලිබඳ සකලවිධ වගකීම් බාර දෙනුයේ “සර්වබලධාරී” වෛද්‍යවරයාට ය. රෝගියා වෙත ඇති තීරණ ගැනීමේ අයිතිය ස්වයං වාරණයකට ලක් කර ගනු ලබයි. මෙය වෙදැදුරන් හට බොහෝ පහසුවක් වුවද, ඇතැම් විට තීරණ ගැනීමේදී ඔවුහු දැඩි ආතතියකට පත් වෙති.

මෙහි තත්වය ඊට වෙනස් ය. බොහෝ රෝගීහු ජාලගත කරන ලද දැනුමෙන් සන්නද්ධ ව පැමිණෙති. ඔවුනට අවශ්‍ය වන්නේ තමන් තීරණය කරන ලද ප්‍රතිකාරය රෝහලෙන් ලබා ගැනීමට ය. රෝගියා සුව කර දීමට රජය විසින් රෝහලට කොන්ත්‍රාත්තුවක් දෙනු ලැබේ. එය තම අවශ්‍යතාවනට අනුකූලව සිදු වේ දැයි රෝගියා උදක් ම විමසිලිමත් වන අතර, වැඩේ තිතට නොකෙරුණොත් නඩු වැටෙනු ඇත.

යලිත් මූලික කථාව වෙත යමු. මෙම රෝගී කාන්තාව ලංකාවේ සිටියානම්, ඇය මේ තත්වයෙන් වසර ගණනාවක් සිටිනු ඇත. මන්ද, ඥාතීන් ඇගේ ඉදිරි ප්‍රතිකාර සැලැස්ම ගැන ප්‍රශ්ණ නොකරන නිසා සහ වෛද්‍යවරුන් රෝගීන්ගේ ජීවිතය අවසන් කිරීමක් ගැන කථා නොකරන නිසා ය. නමුත්, මෙහිදී සිදු වන්නේ ඊට සහමුලින් ම වෙනස් දෙයකි. ඥාතීන්ට අවශ්‍ය ඇගේ දුක් පීඩා නිමා කිරීමටය. රජය එයට ඉඩ නොදෙන නමුත් රෝගියා රෝහලෙන් බැහැර කිරීමට ඔවුන්ට අවශ්‍ය ය. තීරණය ක්‍රියාත්මක කල යුතු වෛද්‍යවරයාත්, එය මත ඉරණම රඳා පවතින රෝගියාත්, එක ලෙස බල රහිත ව බලා සිටිති.

මෙය උසාවියක් වූවානම්, රෝගියාගේ පාර්ශවය නියෝජනය කරන්නේ කවුදැයි විනිසුරු විමසනු ඇතැයි කන්කුණාට සිතෙයි. එවන් නියෝජිතයෙකු සෙවිය නොහැකි නිසා නඩුව කල් දැමීම හැර වෙන විකල්පයක් නැත. මේ කාන්තාව මෙලොව හැර යන දිනට ඇයට කුමක් සිතේ ද යන්න කන්කුණාට ඇති ප්‍රශ්ණයයි.

“මා සුවපත් කිරීමට සමත් ප්‍රතිකාරයක් සොයාගන්නා තුරු ජීවත් වෙන්නට තිබුණා නම් හොඳයි” කියාද?

නැතිනම්, “උන්න හැටියට මළා මදැයි! ” කියා ද?

Advertisements

Responses

  1. Sorry for using English to comment on this. I also like to write in sinnhala, but it takes lot of time, which I simply don’t have.

    Because of a recent news I saw somewhere that a person lived like this for years with a fully functioning mind, but there was no way he could communicate that with anyone as he wasn;t able to move any fo his body parts. This news gave me goose bumps…. I felt like being burried alive with the non-stop supply of oxygen which will keep you alive. This thought kept bothering me…. I was asking if I was in a situation like that, what would I want? …. Easy.. I want to die, I can not even imagine the pain of being trapped in a dead body with a living mind. So, I need to let my family know about this, because they will be the one that has to take that decision on behalf of me….

    by the way…. the ultimate decision of life or death, I think lies with the patient (owner of the life). you have to think and let others know what would you want just in case if you are not in a position to make that decision yourself when it;s needed.

    • You are spot on, friend. It is a decision to be made by the patient, with due respect to the family and the society. But we rarely anticipate ‘brain death’ or ‘locked-in syndrome’ and therefore very rarely do people leave instructions for these eventualities. This is why we have ended up in a lawsuit without an advocate for the patient.
      Even I do not still have a last will, and haven’t left instructions regarding death/brain death except giving consent to donate my body to the medical faculty. Probably it’s high time to do so. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: