Posted by: kankuna | ජූලි 5, 2010

නිදහස සහ සත්‍යය – 1

පූජනීයත්වයෙහි ලා සලකන වචන දෙකක්. සෑම රටකම ජනමාධ්‍ය උදේ සවස මතුරන වචන දෙකක්. ධනවාදී වේවා, සමාජවාදී වේවා, දේශපාලන වේදිකාවල පතුරු ගහන වචන දෙකක්.

සත්‍යය.

නිදහස.

පුංචි කාලේ අම්මා මට පාවට්ටා ගහේ පස් පංගුව පෙව්ව විදිහට තද කරලා අල්ලාගෙන, හක්කට ඇඟිලි දමා, කට ඇරලා හිරකරගෙන, වමනය දාන්න යද්දිත් එක්සත් ජාතීන් සහ යුරෝපා සංගමය අපිට පොවන්න යන්නෙත් මේ වචන දෙකමයි.

මෙහේ අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය තියෙනවාලු. ඕනෑම කෙනෙකුට සත්‍යය දැනගැනීමට අයිතිය තියෙනවා ලු. නිදහසේ එහි මෙහි යාමේ අයිතිය තියෙනවාලු. ‘වෙනස්කමකට’ ලක් නොවී ඕනෑම කෙනෙකුට ජීවත් වීමේ අයිතිය තියෙනවාලු. එහෙමලු. මෙහෙමලු. ලංකාවෙත් ඒවා ඇති කරන්නලු. ඇත්ත නේන්නම්. කොච්චර ෂෝක් ද?

කන්කුණා එක්සත් රාජධානියට ආවාට පස්සේ ඔහුටත් මේ කතා සහතික ඇත්ත බව තේරුණා. කන්කුණාට හිතුනා එයින් අවස්ථා කිහිපයක් වරින් වර හෝ ඔබ සමඟ බෙදා ගන්න ඕනෑ කියලා.

පහුගිය දවස් වල ලංකාවේ ගංවතුර ගලලා, ජීවිත හානි සිදු වෙලා, ආපදා තත්වයක් ප්‍රකාශ කරලා තියෙනකොට, කන්කුණාට හිතුනා ඒ පිලිබඳ බීබීසී හා ටයිම්ස් ආයතන මොනවාද කියන්නේ කියලා බලන්න.

මොකුත් නෑ.

ඔහු හිතුවා ලංකාව පුංචි රටක් නිසා, ජීවිත හානි 50ක් පමණ වෙන නිසා එය ඔවුන්ට වැදගත් ප්‍රවෘත්තියක් නොවෙන්න ඇති කියලා. නමුත් දකුණු ඉන්දියාවේ ඒ හා සමගාමී ව ඇතිවුණු ගංවතුර සහ ජීවිත හානි පිලිබඳ දීර්ඝ ලිපි පළවෙලා තිබුණා. අපේ රටේ යුද අපරාධ පරීක්ෂණ ගැනත් කිහිප වරක් ම කියලා තිබුණා. ලංකාවේ වැස්ස ගැන අන්තිමට පළ කරලා තිබුණේ මොකක්ද දන්නවද?

ගාලු මුවදොර පිටියේදී ඉස්තිරියාවකගේ කුඩයක් හුලඟේ යන පින්තූරයක්!

(http://news.bbc.co.uk/1/hi/in_depth/8686215.stm)

අවතැන් වූ පවුල්, මියගිය මිනිසුන් ට වඩා මේ බවලතාගේ කුඩේ බීබීසීයට වැදගත් වුණේ කොහොමද කියලා කන්කුණා ගොඩක් කල්පනා කලා. පස්සේ ඔහුට ඒත්තු ගියා මේක තමයි සත්‍යය දැන ගැනීමේ අයිතිය කියලා.

ලංකාවේ මිනිස්සු අවතැන් වන බව, මැරෙන බව කවුරු වුණත් දන්නවා. ඒත් කුඩ හුලඟේ යන බව හුදී ජනයා දන්නේ නැහැනේ. ඒ තිත්ත ඇත්ත දැන ගන්න මහරැජිනගේ පුරවැසියන් ට පරම අයිතියක් තියෙනවා.

කාටවත් කියන්න බැහැ මේක ලංකාව පිලිබඳ ජනතාව තුල ගොඩ නඟන්න යන ආකල්පයට නොගැලපෙන දෙයක් නිසා, වෛරය වෙනුවට අනුකම්පාව ඇති කරන පුවතක් නිසා යම් කිසිවෙකු වාරණය කලා කියලා. ඒ වගේම, ලංකාව පිලිබඳ ක්‍රීඩා පුවත් වල අගට පවා genocide, internment camps,war crimes වැනි වචන කිහිපයක් එකතු වන්නේත් එවැනි ම ක්‍රියාවලියකින් කියලා කවුරුහරි කිව්වොත් ඒකත් වැරදියි.

මොකද, මෙහේ මාධ්‍ය වලට කිසිදු බලපෑමකින් තොරව තම කටයුතු කිරීමට, ජනතාවට සත්‍යය හෙලි කිරීමට අවස්ථාව තියෙනවා නේ. මුදලට යටවී වන්දිභට්ට කම් කරන උදවිය මෙහෙ නෑ නේ.

ලාංකික ජනමාධ්‍යවේදීන් මේවා ආදර්ශයට ගත යුතුයි.

ඉතිරිය පසුවට.

Advertisements

Responses

  1. ශ්‍රී ලාංකීය ජනමාධ්‍යවේදීනුත් කිසිදු බලපෑමකට යටත් නොවී වැඩ කිරීමට පුරුදු වෙමින් ඉන්නවා ..
    බලන්නකෝ මේ තුන්වෙනි පින්තූරේ දිහා..
    http://www.lankadeepa.lk/2010/07/09/front_news/06.htm
    නිදහස සහ සත්‍යය සොයා පෙරමඟ බලනවා ඔවුනුත් දැන්. නැත්තන් මෙහෙම පින්තූරයක් පලවෙයිද පත්තරේක???

    ප. ලි .මම නම් කැමති කලු පාට කුඩේ හුළඟේ ගහගෙන ගියාට වඩා අර තියන රෝස පාට එක හුළගේ ගියා නම්. මොකද මේ යුරෝපීයයන් පාට ගැනත් ගොඩාක් සැලකිලිමත්නේ.
    එතකොට තමා හොඳටම දැනෙන්නේ මේ ගහගෙන ගියේ කාන්තාවකට අයිති කුඩයක් කියලා. 🙂

  2. ඔය මහතා ව්‍යංගයෙන් කියන්න හදන්නේ නිදහස , ප්‍රජාතන්ත්‍ර වාදය වගේ දේවල් බටහිර සංකල්ප නිසා අපට ඒවා අවශ්‍ය නොවන බවද? internment camps තිබුනත් ඒවා ගැන කතා නොකළ යුතු බවද? ඔබ උත්සහ කරන්නේ එංගලන්තයේත් මාධ්‍ය නිදහසක් නැත, ඒ නිසා අපේ රටටත් එය අවශ්‍ය නැත කියන්නද? එසේ නම් ඒ බව කෙලින්ම කිව්වා නම් වඩා හොඳය . කෙටියෙන් කිවහොත් අපිට උපදෙස් දෙන අය මානව හිමිකම් කඩන නිසා අපේ රටෙත් එසේ වුවාට කම් නැති කියන්නද? එසේ නම් ඔලුව වටේ ඇත නොයවා කෙලින්ම නැහැ ඇල්ලුවා නම් හොඳය.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

ප්‍රවර්ග

%d bloggers like this: